ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

මාන්කුලම පොලිස් වසමේ පරණ නුවරපාර, තව්අඩප්පන් ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මාන්කුලම් පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරකුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත‍.

ඊයේ (19) අත්අඩංගුවට ගත් මෙම සැකකරු 30 හැවිරිදි කරපට්ටමුරිප්පු – මාන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවපොලීසිය සදහන් කරයි.

සැකකරු අද (20) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version