ජනපති දළඳා සමිදුන් වැදපුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිදුන් වැදපුදා ගැනීම සඳහා මහනුවර වෙත පැමිණ තිබේ.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පළමුවරට මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීම මෙය වෙයි.

ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතයි.

Exit mobile version