රවිනාථ ආරියසිංහ යළි විදේශ කටයුතු ලේකම් ලෙස

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස යළිත් රවිනාථ ආරියසිංහ මහතා පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

මේ වන විටත් එම ධුරයේ කටයුතු කරමින් සිටින රවිනාථ ආරියසිංහ මහතා යළිත් ඊයේ (19) සිට එම තනතුරට පත්කර තිබේ.

විදෙස් රාජ්‍ය ත්‍රාත්න්ත්‍රික සේවයේ කීර්තිමත් සේවයකට හිමිකම් කියන ඒ මහතා විවිධ රජයන් යටතේ ඉහළ පෙළේ තනතුරු හොබවා ඇති පුද්ගලයෙකි.

Exit mobile version