අද සජිත් පාක්ෂිකයින් අමතයි

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ සිය පාක්ෂිකයින් හමුවිමට නියමිතව තිබේ.

ජනාධිපතිවරණයේදී තමන්ට සහය පල කළ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින්  සමග ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිම මෙම හමුවේ අරමුණ වී ඇති බව වාර්තා වෙයි.

මෙම උත්සවය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු 11.00ට පැවැත්විමට මීට පෙර සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ එම උත්සවය අද දිනයේ නොපැවැත්වෙන බවයි.

අදාල උත්සවය සදහා සිරිකොත පක්ෂ මූලස්ථානය නොලැබුණ ද සජිත් ප්‍රේමදාස මහතාගේ කොළඹ පිහිටි ප්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්විමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කළේය.

Exit mobile version