කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි, තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව දිවයිනට බටහිර, දකුණු, ගිණිකොණ හා නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම තත්ත්වය බලපානු ඇත.

ත්‍රීකුණාමලය සිට මඩකලපුව, හම්බන්තොට, ගාල්ල හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි සමඟ සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ක් පමණ විය හැකි බවත් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් ඇති බවත් කාලගුණ අංශ පවසයි.

ධීවර සහ නාවික ප්‍රජාවට මේ ගැන අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ අංශ පවසයි.

ඒ අනුව ඉදිරි පැය 6 තුළ දී තවදුරටත් සක්‍රීයව පවතිනු ඇති බවද කාලගුණ අංශ සඳහන් කරයි.

Exit mobile version