Home විදෙස් පුවත් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි

0
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි

ජපානයේ සංචාරයක නිරත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ එරට නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ.

දින තුනක සංචාරයක් සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජපානයට පැමිණියේ පසුගිය 23 වනදායි.

මධ්‍යම ටෝකියෝවේ පිහිටි ඉම්පීරියල් මාලිගයේදී පාප්වහන්සේ එරට නව අධිරාජ්‍යයා හමුවිය.

නරුහිතෝ අධිරාජ්‍යයා විසින් පාප්වහන්සේ මහත් හරසරින් පිළිගත් බවත්, ජපන් ජාතිකයන් පිළිබඳව උන්වහන්සේ තුළ පවතින සහකම්පනය සම්බන්ධයෙන් ගෞරව පූර්වක ස්තූතිය පල කළ බවත් විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version