ඕමානයේදි හිරිහැර වලට ලක් වු ගෘහ සේවිකාවන් 42ක් දිවයිනට

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදර වලට ලක් වී එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත.

ඔවුන් ඕමානයේ වසර දෙකකට අඩු කාළයක් සේවය කර තිබුණ ද, ඔවුන්ට ඒ සඳහා වැටුප් ගෙවා නොතිබුණි.

ඔවුන් ගෘහ සේවය සඳහා යොමු කළ ඕමානයේ නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදර ඔවුන්ට සිදු වී තිබූ අතර, වැටුප් නොගෙවීම නිසා ද මෙම සේවිකාවන් තවදුරටත් එම නිවෙස් වල නොසිට, පලා විත්, එරට රැකියා ඒජන්සි වෙත මෙම තොරතුරු පැවසූ විට යළිත් මෙම සේවිකාවන් වෙනත් නිවාස වෙත යොමු කර ඔවුන්ට හිමිවිය යුතු වැටුප්, එම ඒජන්සිකරුවන් විසින් ලබා ගෙන තිබු බව එම පිරිස පවසයි.

පසුව මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැනවිත් තිබූ අතර, ඔවුන් ඕමානයේ “සබායා ගිලිස් ” සහ ” අබු අලීෆා ” හි රැදවුම් මධ්‍යස්ථාන වල රදවා තිබී ඇත.

Exit mobile version