රජයේ වෛද්‍ය නිලධාරීන් හා හිටපු ජනපති අතර හමුවක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් අද පැවැත්වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී අද දහවල් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ අර්බුදවලදී ඒවා විසඳීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය සංගමයේ ස්තූතිය පල කිරීම මෙම හමුවේ මූලික අරමුණ බවයි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ.

Exit mobile version