නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ අරඹයි

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක් අද සිය ධුරවල රාජකාරි ආරම්භ කළේය.

විදුලිබල රාජ්‍ය අමාත්‍යධුරයේ ඊයේ(27) දිවුරුම් දුන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(28) උදැසන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

මේ අතර රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දුන් මහින්ද සමරසිංහ මහතා ද අද උදැසන සිය ධුරවල රාජකාරි ආරම්භ කළේය.

මේ අතර මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද අද සිය අමාත්‍යංශයේදී  ධුරයේ රාජකාරි ආරම්භ කළේය.‍

මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා වන චමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

මේ අතර වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ද වරාය හා නවික කටයුතු අමාත්‍යංශයේදී ධුරවල රාජකාරි ආරම්භ කළේය.

මෙම අවස්තාවට මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේය.

මේ අතර වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යධුර දිවුරුම් දුන්  විමලවීර දිසානායක මහතා රාජගිරියේ පිහිටි වනජීවි අමාත්‍යංශයේදී ඊයේ සිය ධුරයේ වැඩ ඇරඹුවේය.

Exit mobile version