ජනපති ගෝඨාභයට එරෙහිව විරෝධතා පැවැත්වූ වයිකෝ අත්අඩංගුවට

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ඉන්දීය සංචාරයට විරුද්ධව නවදිල්ලි නුවර විරෝධතාවක් සංවිධානය කළ ඉන්දියාවේ තමිල්නාඩුවේ එම්.ඩී.එම්. කේ. පක්ෂයේ නායක වයිකෝ ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (28) පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එයට සම්බන්ධව සිටි තවත් පිරිසක්ද පොලීස් භාරයට ගෙන ඇත.

ඉන්දීය පාර්ලිමේන්තු පාරේ පොලීසිය විසින් මෙම රඳවා ගැනීම සිදුකර තිබේ.

Exit mobile version