ව්‍යාජ පන්දහසේ නෝට්ටු සමඟ 2ක් අත්අඩංගුවට

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමඟ සැකකරුවන් ‍දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිගණකයක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ වෙළෙඳසැලකින් ගත් ආහාර ද්‍රව්‍ය සඳහා මෙම ව්‍යාජ නෝට්ටු භාවිත කර මුදල් ගෙවා තිබේ.

පසුව එම වෙළඳසැලේ හිමිකරු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබාදුන් තොරතුරක් මත කරන ලද විමර්ශනවලදී මොවුන් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Exit mobile version