හයිද්‍රාබාද් වෛද්‍යවරියක් සමූහ දූෂණයකට ලක්ව ඝාතනයට

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්නයේ තරුණියකගේ පිළිස්සුණු මළ සිරුරක් සොයා ගැනීමෙන් වෛද්‍යවරයකු හමුවීමට ගිය 27 හැවිරිදි පශු වෛද්‍යවරිය බදාදා සවස සිට අතුරුදහන්ව සිටීම පිළිබඳ පරීක්ෂණ පුළුල් වී තිබේ.

දරුණු ලෙස පිළිස්සුණු ඇගේ සිරුර පසුදා උදෑසන සොයා ගන්නා ලද අතර, ඝාතනයට පෙර සමූහ දූෂණයට ලක්ව ඇති බවට පොලිසිය පවසයි.

මෙම නඩුව සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි ප්‍රකාශ් රෙඩ්ඩි පැවසීය.

නීතිමය හේතූන් මත නම සඳහන් නොකළ මෙම පශු වෛද්‍යවරිය බදාදා සවස 6.00 ට පමණ සිය බයිසිකලයෙන් නිවසින් පිටත්ව ගොස් ඇත්තේ වෛද්‍යවරයෙකු හමුවීමට බව ඇගේ සහෝදරිය කියයි.

බයිසිකලයේ පැච් එකක් ගිය බවත්, තමාට ලොරි රියදුරෙකු උදව් කිරීමට ඉදිරිපත් වූ බවත් ඇය පසුව සිය සහෝදරිය කියා තිබුණත්, ඉන් අනතුරුව ඇයගෙන් තොරතුරක් නොවීය.

ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණ හා අපචාර සිද්ධීන් තවමත් අඩුවක් දක්නට නොමැති අතර, 2012 වසරේදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්ව මියයෑමේ සිද්ධිය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය.

Exit mobile version