දේවස්ථානයක් තුළ වෙඩි තැබීමක් – 14ක් මරුට

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

වෙඩි තැබීමට හේතුව පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Exit mobile version