විලියම් කුමරු හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණ කරයි

කුවේට්හි ක්‍රියාත්මක ද්වීපාර්ශ්වීය හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණය කිරීමට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු එක්විය.

ඒ සිය කුවේට් නිල සංචාරයට සමගාමීවයි.

කුමරු එහිදී කුවේට්හි ද්විපාර්ශ්වීය හමුදා අභ්‍යාසයක නිරත බ්‍රිතාන්‍ය සෙබලුන් හා කුවේට් සෙබලුන් හමුවීමට කටයුතු කළේය.

දෙරට අතර ක්‍රියාත්මක මෙම හමුදා අභ්‍යාසය නම්කර ඇත්තේ එක්සසයිස් ඩෙසර්ට් වොරියර්  ‘Exercise Desert Warrior’ ලෙසයි.

රාජ්‍යයන් අතර ආරක්ෂාව හා හමුදාමය දැනුම සහ පරිපූර්ණත්වය බෙදාහදාගැනීම මෙම අභ්‍යාසයන්හි අපේක්ෂාව බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Exit mobile version