වෛද්‍යවරිය දූෂණය කර මරා දැමූ දූෂකයින් පොලිස් වෙඩි පහරින් මරුට

හයිද්‍රාබාද් නුවරදී පශු වෛද්‍යවරියක දූෂණය කර, ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, සැකකරුවන් අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ පොලීසියෙන් මිදී පලා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

තරුණ වෛද්‍යවරිය සමූහ ලෙස දූෂණය කර, මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 20ත් 26ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් සිව් දෙනා පොලිස් භාරයේ පසුවූහ.

පශු වෛද්‍යවරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව පසුගිය දින කිහිපයේම ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජනතාව වීථි බැස විරෝධය පළ කළේ,  සැකකරුවන්ට තමන්ට භාර දෙන ලෙස ඉල්ලමිනි.

27 හැවිරිදි පශු වෛද්‍යවරිය පසුගිය 28 වැනිදා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර සමූහ දූෂණයට ලක්ව තිබූ අතර පසුව දූෂකයින් ඇයගේ සිරුර පුළුස්සා දමා තිබිණ.

Exit mobile version