හැටන්-දික්ඔය ප්‍රදේශයට දින කීපයකට වතුර අත්හිටුවයි

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ ජලය බෙදා හැරීම දින කිහිපයක් අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන් වෙත දැනුම් දී ඇත.

 

හැටන් පැති වීදියේ පවතින පැරණි ජල නල වෙනුවට නව ජල නල සවි කිරීමේ නඩත්තු කටයුත්ත අද (06) දින පස්වරු 6 සිට 2019.12.12 දින දක්වා සිදු කරන බව හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව 2019.12.07 දින පස්වරු 3 සිට 2019.12.09 දින දක්වා මධ්‍යම රාත්‍රිය වන තෙක් හැටන් පැති වීදිය, සමනළගම, වට රවුම් පාර, හැටන් පොල ඉහළ කොටසටත් 2019.12.09 දින පෙව 1 සිට 2019.12.11 දින මධ්‍යම රාත්‍රිය වන තෙක් පොන්නගර්, කැම්ප්වැලි, විල්ප්‍රඩ්පුර, සාලියපුර, දික්ඔය, අලුත්ගල්ල, මල්ලිඅප්පුව, දිඹුල යන ප්‍රදේශවලටත් ජල සැපයුම අත්හිටුවයි.

මීට අමතරව හැටන් නගරයේ ඇතැම් ස්ථාන සඳහා මෙම කාල සීමාව තුළ එක් දිනක් හදිසියේ ජලය කප්පාදු කිරීමට සිදු වන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටියි.

ජල සම්පාදන මණ්ඩලයේ නඩත්තු කටයුත්ත හේතුවෙන් හැටන් නගරයේ පැති වීදිය එම කාල සිමාවේදි රථ වාහන ගමනාගමනය සඳහා සම්පුර්ණයෙන්ම වසා දමන බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩෙන් බාලචන්දන් මහතා පවසා ඇත.

Exit mobile version