බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළට

පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

 

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, එම තීරණය අනුව කේක් කිලෝග්‍රෑම් 1ක මිල ද, රුපියල් 50 කින් අඩු කරන බවයි.

රජය ලබා දුන් බදු සහන වාසිය ජනතාවට ලබා දීම මෙහි අරමුණ බව ඔහු පැවසී ය.

Exit mobile version