ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක් – 40කට වැඩි පිරිසක් මරුට

ඉන්දියාවේ දිල්ලි නුවර කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි අදාළ කර්මාන්ත ශාලාවේ අද (08) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් මියගිය පිරිස අතරින් බහුතරය එම කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර ගින්න ඇති වන අවස්ථාවේ ඔවුන් නින්දේ පසු වී ඇති බව සඳහන්ය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 30ක් පමණ අදාළ ස්ථානයට පැමිණ තිබු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version