අරුවක්කාලුවට කසළ ගෙනා රථ ආපසු හරවා යවයි

කොළඹ සිට අරුවක්කාලු කසල අංගනය වෙත කසළ ගෙනමින් තිබූ රථ අද (9) අලුයම ආපසු හරවා යැවීමට වනාතවිල්ලුවේ මාර්ග හරස් කරමින්  විරෝධතාවයක නිරතව සිටි පිරිසක් කටයුතු කර තිබූ බව පොලීසිය කියයි.

 

වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පෙරේදා (7) සවස සිට අරුවක්කාලුවට කසළ රැගෙන ඒම නවතා දමන ලෙසට ඉල්ලා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන මන්ත්‍රි බුද්ධික ගිහාන් මහතා ආරම්භ කළ  උපවාසයට සහාය පළ කරමින් පැමිණි පිරිසක් මෙසේ කසළ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ නවතා දැමිම  සිදුවිය.

මේ හේතුවෙන් කසල අංගනය වෙත ගමන් කරමින් තිබු ටිපර් රථ 39 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු පුත්තලම දක්වා ගමන් කිරීම සිදුව තිබු බව කියයි.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා ධිවර  රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා උපවාසයේ නිරත පිරිසට සඳහන් කළේ මින් ඉදිරියට  කසළ බැහැර නොකිරිමට කටයුතු කරන  බවයි.

ඉන් පසුව මාර්ගය වසා විරෝධතාවයේ නිරත වු පිරිස ඉවත් විය.

පසුව නැවත 9 දින අලුයම 2 කට පමණ  ආපසු හරවා යැවු කසළ ප්‍රවාහන ටිපර් රථ කසළ අංගනය වෙත ගමන් කිරීම සිදුවන ආකාරය දැක ගත හැකි විනි.

Exit mobile version