විවාහක ලෝක රූ රැජිණ කිරුළ දිනු කැරොලයින් දිවයිනට එයි

විවාහක ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කළ කැරොලයින් ජුරි ( Caroline Jurie ) මහත්මිය අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

 

ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණියේය.

ඇය පිළිගැනීම සදහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, ඇය විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන ගියහ.

Exit mobile version