එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවෙන් විශේෂ නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සාමාජික ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

පක්ෂ ප්‍රතිසංවිධාන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම උදෙසා පත් කරන ලද කමිටුවේ සාමාජිකයන් වන රංජිත් මද්දුමබණ්ඩාර හා තලතා අතුකෝරාළ යන අය පෞද්ගලික මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්යෙන් සිය අවධානය යොමු වු බව එම නිවේදනයේ දැක්වෙයි.

එය කමිටුව වෙත පැවරී තිබුණු වගකීම් පැහැර හැරීමක් සේම, පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙලට අකුල් හෙලීමක් සේ ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

Exit mobile version