කොළඹ ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප්‍රදේශ රැසක හෙට රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ප්‍රධාන ජල නළ පද්ධතියේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් හෙටරාත්‍රි 08.00 සිට ඉරිදා රාත්‍රි 08.00 දක්වා කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10,11, 12, 13, 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

අදාළ කාලය තුළ කොළඹ 05 සහ කොළඹ 06 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලසැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය පැවසුවේය.

Exit mobile version