ධවල මන්දිරයේ වාර්ෂිකව පැවැත්වෙන කොංග්‍රස් සාදය

ධවල මන්දිරයේ වාර්ෂිකව පැවැත්වෙන කොංග්‍රස් සාදය මෙවරද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබුණි.

 

ධවල මන්දිරයේ පැවැත්වෙන වාර්ෂික කොන්ග්‍රස් සාදය සදහා මෙවරද සත්කාරත්වය දරා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.

පසුගියදා පැවැත්වුනු එම රාත්‍රී සාදය සදහා අමෙරිකානු ජනාධිපතිවරයා සමග උප ජනාධිපති මයික් පෙන්ස්ද සහභාගි වී තිබුණි.

මෙහිදී ජනාධිපතිවරයා නත්තලට, අලුත් අවුරුද්දට මෙන්ම හනුක්කා නම් යුදෙව් සැමරුම් උත්සවය සදහාද සිය සුභ පැතුම් එක් කර තිබුණි.

මෙම උත්සවය පැවැත්වෙමින් තිබියදී, අධිකරණ කමිටුවේ නියෝජිතයන්ගේ නිල නිවස තුළ, පුරා රාත්‍රියක්ම ලබන සතියේ එරට පැවැත්වීම නියමිත ඡන්දය පිළිබඳව විවාදයට ලක් වුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කමිටුව අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග ලිපි දෙකක් ලබන සතියේදී සම්මත කරගැනීමට නියමිතයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙසේ දෝෂාභියෝගයට ලක් වූ අමෙරිකාවේ තෙවන ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් වන බවයි.

Exit mobile version