ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බටහිර ප්‍රදේශයේ පිහිටි ෂියා සංස්කෘතික හා ආගමික මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී අැත.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් 40 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

මෙම ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකු හෝ භාර ගෙන නැත.

Exit mobile version