ඩොලර් බිලියන 284 ක විදුලි බිලක්

ඩොලර් බිලියන 284 ක විදුලි බිලක් ලද පාරිභෝගිකයකු පිළිබඳව ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මේරි හොරොමන්ස්කි නැමැති කාන්තාවට 2018 නොවැම්බර් මස වන විට ඩොලර් බිලියන 284 ක විදුලි බිලක් ගෙවිය යුතු බවට දන්වා ඇත. මෙය දුටු සැණින් තිගැස්සුණු ඇය, පසුව එම ගණන වැරදීමක් බව සොයා ගත්තාය.

මේරිගේ නිවැරදි විදුලි බිල ඩොලර් 284.46 ක් ලෙස විදුලි බල සම්පාදන ආයතනය පසුව දන්වා ඇත.

Exit mobile version