උසස් පෙළ විභාගය සමත් 30,000 ක් මෙවර විශ්වවිද්‍යාලයට

පසුගිය උසස් පෙළ විභාගයෙන් සමත් 30,000 ක් මෙවර විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසා තිබේ.

එම කොමිසම සඳහන් කර අැත්තේ, ඊට අදාළ අයදුම්පත ඇතුළත් අත්පොත ලබන සතිය අවසානයේ නිකුත් කරන බවයි.

අත්පොත නිකුත් කිරීමෙන් පසු මසක් ඇතුළත විශ්වවිද්‍යාල සඳහා Online ක්‍රමයෙන් පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව කොමිසම සඳහන් කර තිබේ.

Exit mobile version