දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

කෙසේ වෙතත්, ඌව, දකුණ සහ මධ්‍යම පළාත් වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවීමට හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Exit mobile version