අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් හා ආසන සංවිධායකවරුන් සඳහා අද පැවැත්වෙන මහ සමුළුවේදි අගමැති වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරනු ලබයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදි මෙම මහ සමුළුව පැවැත්වේ. මෙවර මැතිවරණයට පක්ෂයෙන් තරඟ වදින සියලුම අ‍පේක්ෂකයින් මෙම සමුළුවට කැඳවා තිබේ.

Exit mobile version