මාර්තු 1 වනදා ට පෙර සියලු උපාධිධාරීන්ට රැකියා

මාර්තු මස 1 වැනිදා වන විට මෙරට සිටින සියලු රැකියා විරහිත උපාධිධාරින් සඳහා රැකියා ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

 

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, 2012 දී මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමට තීරණයක් ගත් බවයි.

කිසිදු භේදයකින් තොරව මෙය සිදු කිරිමට සිටි බවත්, පසුගිය ආණ්ඩුව විසින් උපාධිධාරීන්ට ඉතා කුඩා කණ්ඩායමකට සංවර්ධන නිලධාරින් ලෙස පත්වීම් ලබා දුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

නමුත් මෙම පත්වීම් භේදයන් රැසක් ඇති කර ලබා දුන් බවත් පැවසු ඒ මහතා, ගෝඨාභය මහතා පැවසු ආකාරයටම මාර්තු මාසයේ 1 වන දාට පෙර රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ලබා දීමට කටයුතු කරන බවත් පැවසීය.

Exit mobile version