ඔස්කාර් නිර්දේශිත නම් ලැයිස්තුව ‌මෙන්න

මෙවර ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශිත නම් ලැයිස්තුව ඊයේ (13) නිවේදනය කළේය.

 

සම්මාන 10ක් සඳහා නිර්දේශ වෙමින් ජෝකර් චිත්‍රපටය එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටියි.

92 වන ඔස්කාර් සම්මාන උළෙල ලබන මස 9 වන දා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී සම්මාන ප්‍රදානය කිරීමට නිර්දේශිත නාමයන් මේ වන විට මාධ්‍යයට නිකුත් කර තිබේ.

එම ලැයිස්තුවේ මුල්තැන හිමිකරගෙන සිටින ජෝකර් චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම නළුවා ඇතුළු සම්මාන 11ක් සඳහා නිර්දේශ වී තිබේ.

සම්මාන 10ක් සඳහා නිර්දේශ වූ වන්ස් අපෝන් අ ටයිම්, ඉන් හොලිවුඩ්, දි අයිරිෂ් මෑන් සහ නයින්ටීන් සෙවන්ටීන් යන චිත්‍රපට පිළිවෙලින් ලැයිස්තුවේ දෙවන, තුන්වන හා සිව්වන ස්ථාන හිමිකරගෙන සිටියි.

මැරේජ් ස්ටෝරී, පැරාසයිට්, ලිට්ල් විමෙන් සහ ජොජෝ රැබිට් සම්මාන 6කට නිර්දේශවී ඇති චිත්‍රපට වෙයි.

ජේම්ස් මැන්ගෝල්ඩ් අධ්‍යක්ෂණය කළ ෆෝඩ් vs ෆෙරාරි චිත්‍රපටය ඔස්කාර් සම්මාන 4කට නිර්දේශවී ඇති බව සඳහන්.

Exit mobile version