ලක්ෂ ගණනක් වටින කොලොං දැව තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

වැල්ලවාය පොලීසිය විසින් ලද තොරතුරක් අනුව අද (16) අලුයම සිදුකල වැටලීමක දී නීති විරෝධීව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කොලොං දැව තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැල්ලවාය අයිස් පීල්ල ප්‍රදේශයේ සිට ඇතිලිවැව ප්‍රදේශය දක්වා මෙම දැව ප්‍රවාහනය කර ඇති අතර ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ කොලොං දැව කොටන් හතලිස් එකක් ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

එම දැවවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර දැව ප්‍රවාහනය කල සැකකරු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු බව වැල්ලවාය පොලීසිය පවසයි.

දීර්ඝ කාලයක සිට සැකකරු මෙම ජාවාරමේ නිරත වී ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදුකරයි.

Exit mobile version