ගෝඨාභයට තුනෙන් දෙකක් හම්බ වෙන්නෙ නෑ

සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 

මහනුවර  හාරිස්පත්තුව  ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේ පැවසීය.

“ජනතාව ඡන්දයෙන් ජනාධිපති කෙනෙක් පත් කළ විට  ආණ්ඩුව දමල ගහල අත් ඇරලා  දාලා යනවා. ආණ්ඩුව පාවලා දෙනවා.

මේක අවස්ථා දෙකකදීම වුණා. ආණ්ඩුව වෙන කෙනෙකුට භාර දීලා ගිහිල්ලා  ආපහු මැතිවරණයක්  එන කොට නැවත ආණ්ඩුව ඉල්ලනවා.

අපි එක්සත් ජාතික පක්ෂයෙන් අහන්න ඕන. තමන්ගේ අතේ තිබුණ ආණ්ඩුවනේ මහින්ද මහත්තයාලට භාර දුන්නේ. ඒක ජනතාවගේ තීරණයක් නෙවෙයි ඉල්ලීමකුත් නෙවෙයි.

ඒගොල්ල බන්දේසියක තියල තමයි පරිත්‍යාග කළේ. ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ඉල්ලන කොට  මම අහනවා ඒ දෙන ආණ්ඩු බලයත් කවුරුහරි ඉල්ලන වෙලාවේ දීල යනවද කියලා.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ඉල්ලුවත් වර්තමානයේ තියෙන තත්වය තුල ඔවුන්ට ආණ්ඩු බලය හම්බ වෙන්නේ නෑ.  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාලා තුනෙන් දෙකක් ඉල්ලුවට තුනෙන් දෙකක් හම්බ වෙන්නෙත් නෑ.

ඒගොල්ලන්ට ආණ්ඩුවක් හදාගන්න පුළුවන් වෙයි. හැබැයි මැතිවරණයෙන්  ඡනතාව  බලයෙන් තුනෙන් දෙක නොලැබුණත් බොහෝ විට එක්සත් ජාතික පක්ෂය විපක්ෂයට ගියහම ඒ පැත්තෙන් පිරිසක් එකතු කර  ගෙන  තුනෙන් දෙක හදා ගනියි.“

Exit mobile version