එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ජනපතිට ආරාධනාවක්

අබුඩාබි එමිරේට් හි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර සේනාධිනායක ෂේක් මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යන් (Sheikh Mohammed bin Zayed Al Nahyan) සිය උණුසුම් සුභාෂිංසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුද කරයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ සිය අපේක්ෂාව තහවුරු කරන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැ යි ඔටුන්න හිමි කුමරු ජනාධිපතිවරයාට ආරාධනා කළේය.

ඔටුන්න හිමි කුමරුගේ උණුසුම් සුභාෂිංසනයට එලෙසින්ම ප්‍රතිචාර පළ කළ රාජපක්ෂ මහතා ආරාධනය පිළිගත්තේ ය.

මෙය දෙරට අතර අදහස් හුවමාරු කර ගැනීමට හා පොදු අභිලාෂ සාකච්ඡා කිරීමට මහඟු අවස්ථාවක් වනු ඇතැයි දෙපාර්ශ්වය එකඟ වූහ.

Exit mobile version