අද සිට වැස්සේ වැඩිවීමක්

අද (20) දිනයේ සිට ඉදිරි දින කීපයේ දී තරමක වැසි වැඩි වීමක් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව ඉදිරි දින කීපයේ දී  නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල මෙලෙස වැසි වැඩි වෙයි.

නැගෙනහිර, ඌව හා උතුරු මැදි පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන අතර, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති වෙයි.

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙයි.

සබරගමුව පළාතේ කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇති වෙයි.

මන්නාරම, පුත්තලම හා හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 පමණ දක්වා වැඩි වෙයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ද පවතී.

Exit mobile version