ජවිපෙ මැතිවරණයට මාලිමාවෙන් ඉදිරිපත් වෙයි

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මාලිමාව ලකුණේන් ජාතික ජන බලවේගය ලෙස
ඉදිරිපත් වන බව  එම  පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

 

කළුතර මතුගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව
සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයේ දී ජාතික “ජන බලවේගය“ ලෙස “මාලිමාව“ ලකුණින් ඉදිරිපත් වීමට අවශ්‍ය කටයුතු
සුදානම් කරමින් සිටින බවත් පැවසු ඒ මහතා ඒ සඳහා විවිධ වෘත්තිකයින් එම වැඩපිළිවෙල සමඟ එකාවන්ව
සිටින බවත් පැවසීය.

ඒ නිසාවෙන් දේශපාලන සන්ධානයක් සකස් වීමේ දී කිසිදු කුලල් කා ගැණීමක් නොමැති බවත්, සියලු දෙනා ඉතා සමඟියෙන් වැඩ කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

නමුත් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට මුහුණ දුන් හංස සන්ධානය යළි ඇති කර ගැනීමට උත්සහ දරමින් සිටින බව පෙනී යන බවයි.

එහි ගැටළුව ඇත්තේ දෙමළ හා මුස්ලිම් පක්ෂ එකතු කර ගත් නමුත් එජාප නායකත්ව අර්බුදය තවමත් විසඳී නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

අර්බුදයේ කැඳ හැලිය තවමත් පවතින බවත් මෙවැනි තත්ත්වයක් තිබිය දී එජාප නායකත්ව ගැටළුව විසඳා නොගෙන ඉදිරියට යා නොහැකි බවත් කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ලක්ෂ 55 ක ඡන්දය ලබා දුන් ජනතාවට එජාප නායකයින් විශාල ද්‍රෝහිකමක් සිදු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version