Home දේශීය පුවත් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට

0

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් ඊයේ (03) නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඩෙල්ෆ්‍ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ට්‍රෝලර් යාත්‍රාවන් කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද ධීවරයින් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ද රැගෙන ඒමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව එම ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version