නීති විරෝධිව මෙරට රැදී සිටි උස්බෙකිස්ථාන කතුන් 5ක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරට රැදී සිටි උස්බෙකිස්ථාන කාන්තාවන් 05 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැල්ලවත්ත සහ බම්බලපිටිය ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් දෙකකදී ඔවුන් අත්අඩංගුවට ‌ගෙන ඇත.

ඔවුන් 25ත් 35ත් අතර අතර වයසේ පසුවන කාන්තාවන් බව සඳහන්.

අත්අඩංගුවට ගත් අදාල සැකකරුවන් මිරිහාන රැදවුම් කදවුරේ රඳවා සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version