ඇන්ජලෝ මැතිව්ස් සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී සිය දසවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්ව ඇත.

 

තරඟයේ සිව්වන දිනය වන අද දිනයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ‌මේ වන විට කඩුළු 5ක් දැවී ලකුණු 381 ක් රැස් කරගෙන සිටියි.

නොදැවී පන්දුවට පහරදෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 132ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 25ක් ලබා සිටියි.

Exit mobile version