හොංකොං ප්‍රධාන රජයේ රෝහල් සේවකයින් වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හොංකොංහි ප්‍රධාන රජයේ රෝහලේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර ඇත.

 

වර්ජනයේ පළමු දිනය වන අද සේවකයින් 2400කට ආසන්න පිරිසක් ඊට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනයේ සිට හොංකොං වෙත පැමිණෙන සියලු සංචාරකයින්ගේ පැමිණීම අත්හිටුවීම, මුහුණු ආවරණ ප්‍රමාණවත් ලෙස සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආරක්ෂිත පරිසරයක් සකස් කර දීම ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් ඔවුන් වර්ජනයේ නිරත වෙයි.

ඉදිරි දින කිහිපය තුළදී තවත් සෞඛ්‍ය සේවකයින් 9,000ක පමණ පිරිසක් වර්ජනයේ නිරතව සිටින අතර දින 05ක් වර්ජනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Exit mobile version