ගිනි තැබීම් නිසා මධ්‍යම කඳුකරයේ රක්ෂිතවල හෙක්ටයාර 10 ක් විනාශ වෙයි

ගිනි තැබිම් නිසා වන වගා සහ රක්ෂිතවල හෙක්ටයාර් 10 කට ආසන්න භුමි ප්‍රමාණයක් මේ වන විට ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් අඩවි වන නිලධාරි සුජිත් අජන්ත මහතා පැවසිය.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ හැටන් අඩවි වන කාර්යයාලය යටතේ පාලනය වන වටවල, ගිනිගත්හේන යන ප්‍රදේශවල පිහිටි ෆයිනස් සහ යුකෙලෙප්ස්ටික් වගා රක්ෂිතවල පමණක් හෙක්ටයාර් 4 ක පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව අඩවි වන නිලධාරිවරයා කියා සිටියේය.

ඊයේ (09) දින පස්වරුවේ දී හැටන් රොසැල්ල ෆයිනස් වගා රක්ෂිතයේ හටගත් ගින්නක් තම කාර්යයාලයේ නිලධාරින් සහ ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින් එක්ව පාලනය කිරිමට සමත් වු බවත් ඒ මහතා සඳහන් කළේය.

රක්ෂිතවලට සහ වන වගාවන්වලට ගිනි තැබිම් නිසා විශාල පරිසර හානියක් සිදු වන බවත්, එම රක්ෂිත හරහා පහලට ගලා බසිනා ජල මුලාශ සිදි යාමේ අවධානමකට ලක් වි ඇති බවත් අඩවි වන නිලධාරිවරයා කියා සිටියේය.

මෙසේ රක්ෂිතවලට ගිනි තබන අය පිළිබඳව තොරතුරු වෙතොත් එ පිළිබඳව තම කාර්යයාලයේ නිලධාරින්ව හෝ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත තොරතුරු ලබාදෙන ලෙස හැටන් අඩවි වන නිලධාරිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version