මාර්ගයක තුවාල සහිතව සිටි පුද්ගලයෙක් මරුට

ඊයේ (12) රාත්‍රී 9.30ට පමණ මීරිගම පොලිස් වසමේ දිවුලපිටිය මීරිගම මාර්ගයේ රේන්දපොල ප්‍රදේශයේ දී මාර්ගයේ පුද්ගලයෙක් තුවාල සහිතව සිට ඇත.

 

මෙම පුද්ගලයා මීරිගම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව රථ වාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර එම ස්ථානයේ වැටී සිටි තුවාලකරු මීරිගම රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී තුවාලකරු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (13) උදෑසන මියගොස් ඇති අතර ‍ඔහු කිසිදු ප්‍රකාශයක් නොකල බවද පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 75 ක් වු රේන්දපොල, මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණය රිය අනතුරක් හේතුවෙන් සිදුව ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

අනතුර සිදුකර පලා ගිය රියදුරු හා වාහනය අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලීසිය මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version