කොවිඩ් නයින්ටීන් නිසා මියගිය ගණන1668ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 68,500 ඉක්මවා ඇති අතර ඉන් මිය ගිය ගණන 1668ක් බවට පත්ව ඇත.

 

මියගිය පිරිස අතරින් 1500 කට ආසන්න පිරිසක්ම වූහාන් නගර වැසියන් වෙයි.

මේ අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජපාන වාරයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින අමෙරිකානු පුරවැසියන් ගුවන් මඟින් ආපසු සිය ගම්බිම් බලා රැගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ජපානයේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

පවතින තත්ත්වය මත චීනයේ බීජිං අගනුවර වෙත පැමිණෙන සියලුම දෙනාට දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සඳහා යොමු වීම අනිවාර්ය කර ඇත.

චීන මාධ්‍ය වාර්තා කළේ, සෞඛ්‍ය සේවකයින් 1700 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අතුරින්  6 දෙනෙකු මියගොස් ඇති බවයි.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සහ නිරෝධායන කටයුතු සඳහා භාවිත කෙරෙන විශේෂ ඇඳුම් නිෂ්පාදනය තුන් ගුණයකින් පමණ ඉහළ නැංවීමට චීනයට සිදුව තිබෙන අතර ඒ හේතුවෙන් නිෂ්පාදන සමාගම්, සිය සේවකයින්ගේ දෛනික සේවා කාලය පැය 15ක් දක්වා ඉහළ නංවා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ආසාදිතයින් වාර්තා වන අප්‍රිකානු මහද්වීපයට අයත් පළමු රට ලෙස ඊජිප්තුව සැලකෙයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ආසියාවෙන් පිටත සිදු වූ පළමු මරණය ඊයේ ප්‍රංශයෙන් වාර්තා වුණි.

Exit mobile version