ජෙනරල් මෝටර්ස් හෝල්ඩන් සන්නාමයට සමුදෙයි

ජෙනරල් මෝටර්ස් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියානු මෝටර් රථ සන්නාමයක් වන හෝල්ඩන් විශ්‍රාම ගන්වන බවයි.

 

ලබන වසර වනවිට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ හෝල්ඩන් විකුණුම්, සැලසුම් සහ ඉංජිනේරු මෙහෙයුම් නවතා දමන බව ඇමෙරිකානු මෝටර් රථ දැවැන්තයා පවසා තිබේ.

චීනයේ ග්‍රේට් වෝල් මෝටර්ස් තායිලන්තයේ වූ සිය නිෂ්පාදන කම්හල මිලදී ගැනීමට එකඟ වී ඇති බව ද එහි සඳහන්ව ඇත.

GM විසින් ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය අවසන් කර වසර තුනකට පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

GM හි වෙබ් අඩවියේ පළ කරන ලද නිවේදනයක ප්‍රධාන විධායක මේරි බාරා පැවසුවේ, “මම බොහෝ විට කියා සිටියේ අමාරු අවස්ථාවලදී පවා අපි නිවැරදි දේ කරන බවයි. මෙය එවැනි අවස්ථාවකි.” යනුවෙනි.

මෙම පියවර හේතුවෙන් රැකියා කොපමණ ප්‍රමාණයක් අහිමි වේදැයි එම ප්‍රකාශයේ සඳහන් නොවූවත්, වාර්තාවලින් කියවෙන්නේ 600ක් පමණ දෙනා ඉවත් කෙරෙනු ඇති බවයි.

Exit mobile version