කැබ් රථ අනතුරකින් කාන්තාවක් මරුට – 13ක් රෝහලට

ඇවරියවත්ත-යාගොඩමුල්ල ප්‍රධාන මාර්ගයේ කටුනායක හීනටියන ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇත.

 

කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනුරාධපුර වන්දනා චාරිකාවක ගොස් පැමිණෙමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයින් 16 දෙනෙකු සිට ඇති අතර ඉන් 14 දෙනෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 84 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කටුනායක පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version