මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු නිට්ටඹුව පස්යාල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ඔහුට ගම්පහ, හෙට්ටිපොල, මිනුවන්ගොඩ සහ අත්තනගල්ල අධිකරණ මඟින් වරෙන්තු නිකුත් වී සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයවෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.