මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර හමුවක්

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් එළඹෙන 26 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

 

එදින පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට සහභාගීවන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

එළඹෙන මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක්ද එදින රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

උදෑසන 09.30ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.

Exit mobile version