යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

නාරම්මල කුලියාපිටිය මාර්ගයේ පේරගස්ඇල්ල ප්‍රදේශයේ දී අද (25) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

නාරම්මල දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වු යතුරු පැදියක් එහි පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල ගේට්ටුවක වැදි අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේ දි මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා දඹගිරිගම, නාරම්මල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක් වයසැති අයෙක්.

නාරම්මල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version