කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV ගැලවීම ගැන විමර්ශනයක්

කැලණිය විශ්වවිද්‍යාල භූමියේ සවිකර තිබු සී.සී.ටීවි කැමරා කීපයක් යම් පිරිසක් විසින් ගලවා දමා ඇති බව වාර්තා වේ.

 

එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විශ්වවිද්‍යාල මාධ්‍ය ඒකකය පවසයි.

පසුගිය කාලයේ විශ්වවිද්‍යාලය තුළ ඇති වු යම් යම් සිදුවීම් කීපයක් හේතුවෙන් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් විශ්වවිද්‍යාල භූමිය පුරා ස්ථාන කීපයක සී.සී.ටීවි කැමරා සවි කිරීමට කටයුතු කර තිබිණි.

මෙලෙස සවිකරන ලද සී.සී.ටීවි කැමරා අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇත.

Exit mobile version