ජා ඇළ-කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

ජා ඇළ, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසිය.

 

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 09.00 සිට බ්‍රහස්පතින්දා අළුයම 03.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවේය.

ජා ඇළ සහ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ, ජා ඇළ -ඒකල, කඳාන, ආනියාකන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාටාගොඩ,වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.

Exit mobile version