මාරාන්තික නව කොරෝනා වෛරස අසාධනය හේතුවෙන් අද වනවිට ලොවපුරා පුද්ගලයින් 4718 දෙනෙකු මියගොස් තිබේ.
චීනයෙන් ආරම්භ වී ලොවපුරා පැතිරගිය නව කොරෝනා වෛරසයට අද වන විට ලොවපුරා රටවල් 118ක් ගොදුරුවී අවසන්ය.
සමස්ත ආසාදිතයන් ගණන එක්ලක්ෂ විසිහත් දහස ඉක්මවන අතර සුවය ලැබූ පිරිස හැට අටදහසකට අධිකයි.
නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මියගිය සංඛ්‍යාව 3173 ක් වන අතර ආසාදිතයින් 80,982 ක් වාර්තා වෙයි.
චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබේ.
ඉතාලිය තුළ මේ වන විට වෛරස ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙක් වාර්තාවී තිබේ.